Login

Register

Login

Register

Preaload Image

පාසල.lk ගුරුවරයෙකු ලෙස සම්බන්ධ වීම

Teach Share Earn

පාසල වෙබ් අඩවියට ඕනෑම විෂය ක්ෂේත්‍රයක් ඉගැන්වීම සඳහා සම්බන්ධ විය හැක.ශ්‍රී ලංකා පාසල් විෂය ක්ෂේත්‍රයන්ට අමතරව වෙනත් ඕනෑම විෂයක් ඉගැන්වීමට සහ එය අන්තර්ජාලය හරහා ඕනෑම අයෙකුට පරිශීලනය කල හැකි පරිදි බෙදා හැරීමට අවස්ථාව සැලසේ.

පාසල වෙබ් අඩවියේ ස්මාර්ට් ගුරුවරයෙකු ලෙසට සම්බන්ධ වීමට ඉල්ලුම් කිරිම

Register to become a teacher

You have to to fill out this form

දැනුම මුල් කරගත් සමාජයක් බිහිවෙමින් පවතින ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය ඔස්සේ දැනුම බෙදා හුවමාරු කර ගැනීමට පවතින්නේ ඉහළ ඉල්ලුමකි. පාසල් විෂය මාලාව, පරිගණක අධ‍යාපනය මෙන්ම වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් ද සිසු සිසුවියන්ට පහසුවෙන් ලබා ගැනීමට් පාසල හරහා අවස්ථාව සලසා දී ඇත.

ඔබ කුමන හෝ විෂය ක්ෂේත්‍රයක ප්‍රවීණත්වයක් දරයි නම් ඔබගේ දැනුම සිසු සිසුවියන් වෙත පාසල වෙබ් අඩවිය හරහා ලබා දිය හැක. පාසල් විෂය ක්ෂේත්‍ර වලද අදාලව ඉගැන්වීම් කටයුතු කිරීමට පාසල වෙබ් අඩවියට සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන ඔබට සම්පූර්ණ පාඩමක් හෝ එහි නිපුණතා මට්ටම් වශයෙන් ඉගැන්වීම් කටයුතු වල නිරත විය හැක.

වෘත්තීය විෂය ක්ෂේත්‍ර ඉගැන්වීමට පාසල වෙබ් අඩවියට සම්බන්ධ වීමට කැමැත්ත දක්වන ඔබ එම විෂය සම්පූර්ණ වශයෙන් ඉගැන්විම සිදු කල යුතු ය.

පාසල වෙබ් අඩවිය තුළින් ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගෙන පමණි. එය පරිගත කළ වීඩියෝවක් ලෙස හෝ සජිවී පන්තියක් ලෙස සිදු කළ හැක. ඒ සඳහා උපදෙස් මෙහි 'වීඩියෝ නිර්මාණ - උපදෙස්' කොටසේ හා 'සජීවී ඉගැන්වීම් සිදු කිරීම' කොටසේ දක්වා ඇත. එම කොටස් වෙත පිවිස ඒවා කියවා හොඳින් තේරුම් ගැනීම ඉතා වැදගත් බව සලකන්න.

ගුරුවරයෙකු ලෙස පාසල වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වීමට මෙහි 'REGISTER TO BECOME A TEACHER' ලෙස දක්වා ඇති ඉල්ලුම් පත්‍රය පුරවා අප වෙත යොමු කරන්න.
එම ඉල්ලුම් පත්‍රය පිරවීමට පෙර ඔබ පාසල වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර තිබිය යුතු බව සලකන්න.

ඔබ ඉගැන්වීම් කටයුතු කිරීමට බලාපොරොත්තු වන විෂය, ඊට ඔබගේ සුදුසුකම් සහ පළපුරුද්ද සහ වෙනත් සඳහන් කළ යුතු යමක් වේ නම් එය ඉල්ලුම් පත්‍රයේ 'Your message' ලෙස දක්වා ඇති කොටසේ සඳහන් කරන්න.

එම ඉල්ලුම් පත්‍රය එවීමට සමගාමීව ඔබ විසින් ඉගැන්වීම් කටයුතු සිදු කරනා වීඩියෝවක් www.pasala.lk@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමු කිරීම අනිවාර්ය වේ. එම වීඩියෝව නිර්මාණය කිරීමට අදාල කාරනා මෙහි 'අධ්‍යාපනික වීඩියො නිර්මාණ උපදෙස්' කොටසේ දක්වා ඇත. එම උපදෙස් පිළිපදිමින් වීඩියෝව නිර්මාණය කල යුතුය.

දක්වා ඇති උපදෙස් වලට අනුකූලව ඉදිරිපත් කරනා ඉල්ලුම් පත්‍ර පමණක් සලකා බලන බව කරුණාවෙන් සලකන්න.
අධ්‍යාපනික වීඩියො නිර්මාණය කිරීමේ දී එය ආකාර කීපයකට සිදු කල හැක. එම ආකාර පහත දක්වා ඇත. එම ආකාර වලින් ඔබ කැමති එක් ආකාරයකට වීඩියෝව නිර්මාණය කළ හැක. එම එක් එක් ආකාරයට නිර්මාණය කරන ලද වීඩියෝ සඳහා උදාහරණ සහිත යූ ටියුබ් වීඩියෝවක ලින්ක් එකක් ඔබට ලබා දී ඇත. එය පරිශීලනයෙන් පාසල වෙබ් අඩවිය තුළ අවස්ථාව හිමි වන අධ්‍යාපනික වීඩියෝ පිළිබඳව අවබෝධයක් ලබා ගත හැක.

1. 'MS Power-Point' මෘදුකාංගය භවිතයෙන් සිදු කරනා නිර්මාණ
උදාහරණ වීඩියෝ: https://www.youtube.com/watch?v=ATGp6Qf9NZ4
https://www.youtube.com/watch?v=WrWRfz40fno

2. 'White-Board' භාවිතයෙන් සිදුකරන ලද ඉගැන්වීමක් වීඩියෝ කිරීම.
උදාහරණ වීඩියෝව:https://www.youtube.com/watch?v=s_v63IaIvjg

3. වීඩියෝ තාක්ෂණය සහ පරිගණක තාක්ෂණය භාවිතා කර ඉගැන්වීම
උදාහරණ වීඩියෝව: https://www.youtube.com/watch?v=p2DG0weWxs8

4. කඩදාසි හෝ සුදු පැහැති මතු පිටක් භාවිතයෙන් ලිවීම් කටයුතු සිදුකිරීම වීඩියෝ කිරීම.
උදාහරණ වීඩියෝව: https://www.youtube.com/watch?v=iTt3TVjsjuY

5. පෙළ පොත සහ ලිවීමේ ආධාරක යොදා ගෙන සිදු කරනා ඉගැන්වීම වීඩියෝ කිරීම. මෙම ක්‍රමවේදය භාවිතා කරන්නේ නම් ලිවීමේ ගුණාත්මක භාවය සහ පෙළ පොත හැසිරිමේ දී වීඩියෝවේ ගුණාත්මක භාවය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
උදාහරණ වීඩියෝව: https://www.youtube.com/watch?v=pfqhNS4Cgww

6. ප්‍රායෝගික ක්‍රියාකාරකම් හෝ ක්‍රියාකාරකම් පාදක ඉගැන්වීම් වීඩියෝ කර ඉදිරිපත් කිරීම.
උදාහරණ වීඩියෝව: https://www.youtube.com/watch?v=8vyboVwyzfU

පාසල වෙබ් අඩවියේ ගුරුවරයෙකු ලෙසට සම්බන්ධ වීමට ඉල්ලුම් කරනා අවස්ථාවේ දී ඉල්ලුම් පත්‍රය යොමු කිරීමට අමතරව ඉහත සඳහන් ආකාර වලින් ඔබට පහසු ආකාරයකට නිර්මාණය කරන ලද අධ්‍යාපනික වීඩියෝවක් www.pasala.lk@gmail.com යන විද්‍යුත් තැපෑලට යොමු කර තිබීම අනිවාර්ය බව සලකන්න.
පාසල වෙබ් අඩවිය ඔස්සේ සජීවී ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට (සජීවී පංති පැවැත්වීමට අවස්ථාව සලසා දී ඇත. ඒ සඳහා පාසල වෙබ් අඩවිය සමඟ එකතු වන ගුරුවරුන් 'REGISTER TO BECOME A TEACHER' යන ඉල්ලුම් පත්‍රය පුරවා තමන් ඉගැන්වීම් කටයුතු කිරීමට බලාපොරොත්තු වන විෂය ක්ෂේත්‍රය සහ ඊට අදාල සුදුසුකම් දැන්විය යුතුය. තවද සජීවී ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අදාලව තමන්ට ඇති පහසුකම් දන්වා සිටීම ද ඉතා වැදගත් වේ.

ගුරුවරුන් සඳහා පාඩම් නිර්මාණය කිරීමට අවශ්‍ය මෘදුකාංග

MS Power-Point මෘදුකාංගය භාවිතා කරමින් සිදු කරනා ඉදිරිපත් කිරීමක් පටිගත කිරීමෙන් ඉතාමත් පහසුවෙන් ස්මාර්ට් පාඩමක් නිර්මාණය කර ගත හැක. එම ඉදිරිපත් කිරීම පරිගණකයේ ස්ථාපනය කරනා Wondershare Filmore මෘදුකාංගය හරහා පටිගත කළ හැක. එම මෘදුකාංගය ලබා ගත හැකි ආකාරය සහ එය පරිගණකයේ ස්ථාපනය කරනා ආකාරය පහතින් ලබා දී ඇත.

error: Content is protected by Pasala.lk !!
  • Sign up
Lost your password? Please enter your username or email address. You will receive a link to create a new password via email.